Thursday, June 24, 2010

සබද මම

විඩාබර ඔබේ නෙතු
නිවා සතපා දොවන්නට
පෙරා පෙරුමන් හි‍‍දින්නෙමි
සබද මම ඔබ එනතුරා

ජීවිත‍ය මේ ‍යැයි අතපා
පෙන්වන්නෙමි ඔබ‍ට මම සදා
එනමුදු මා නෙතු සනසා
කියනු මැන ආදරය කිමැයි කියා

සොදුරු සිත්තම් ඔබේ රුව ගෙන සරසා
ඇදි සිත්තම් හදේ පැතුමන් පුරා
සොයන්නෙමි එක් දෙ‍යක් ජීවිත‍ය පුරා
ඒ ඔබ‍ මුවේ රුදි සැනසුම් සුසුම් සදා

No comments:

Post a Comment